Release
Half Life Series
Half Life Series & Relese Release Release 🔹Half Life Series එකේ දෙවන ප්‍රධාන කතාංගය විදිහට තමයි මේ ගේම් එක Release වුනේ. ඒ වගේම First Person Category එකේ ලොකු වෙනසක් කරපු ඒ දවස්වල තිබුන හොඳම ගේම්ස් වලින් එකක් තමයි මේ Half Life 02 ගේම් එක. ඇත්තටම 2004 වර්ෂය වනවිට තිබුනු ගේම්ස් වලට සාපේක්ෂව ඉතාමත් හොඳ Graphics Quality එකකින් සහ Gameplay Quality එකකින් යුක්තව තමයි මේ Half Life 02 ගේම් එක Release වුනේ. 🔸Half Life 01 ගේම් එක Release වෙලා මාස පහකට පස්සේ තමයි Valve කණ්ඩායම විසින් Half Life 2 ගේම් එක නිර්මාණය කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ 1999 වර්ෂයේදී තමයි මේ ගේම් එක නිර්මාණය කරන්න පටන් අරන් තිබුනේ. ඇත්තටම මේ ගේම් එක හදලා අවසන් කරන්න Valve කණ්ඩායමට වසර පහක කාලයක් ගත වුණා. 🔹2003 වර්ෂයේ සැප්තැම්බර් 30 වෙනිදා තමයි මේ ගේම් එක Release වෙන්න තිබුනේ. නමුත් Valve ආයතනය හිතන් හිටපු විදිහට ඒ දවසේදී මේ ගේම් එක Release කරන්න Valve ආයතනයට පුලුවන් වුනේ නෑ. හරියටම 2013 සැප්තැම්බර් 19 වෙනිදා Axel Gembe නැමැති ජර්මානු ජාතිකයෙක් විසින් මේ ගේම් එක Hack කරනවා. මේ ගේම් එකේ අවසන් නොකරපු Version එකක් තමයි ඔහු විසින් සොරකම් කරන්නේ. මේ සිදුවීමෙන් ටික දවසකට පසු මේ අවසන් නොකරපු Version එක අන්තර්ජාලයට මුදාහැර තිබුනා. මේ සිදුවීම නිසා මේ ගේම් එක නිර්මාණය කරපු Valve කණ්ඩායමේ චිත්ත ධෛර්යය පිරිහීම නිසා මේ ගේම් එක 2003 වර්ෂයේදී Release කරන්න Valve ආයතනයට හැකියාවක් ලැබුනේ නෑ. 🔸කොහොම වුණත් ජර්මනියේ ජීවත් වුනු මේ Axel නැමැති ජර්මානු ජාතිකයාව අත්අඩංගුවට ගැනීම සඳහා Valve සමාගමේ ප්‍රධානියා වුනු Gabe Newell ඇමරිකානු FBI සංවිධානය සමඟ එකතු වෙලා මෙහෙයුමක් දියත් කරනවා. කොහොම හරි 2004 වර්ෂයේදී Axel ව අත්අඩංගුවට ගන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. තමන් විසින් මේ ගේම් එක අන්තර්ජාලය වෙත මුදා නොහැරි බවත් එය සිදුකලේ වෙනත් පුද්ගලයෙකු විසින් බවත් ඔහු අධිකරණයට ප්‍රකාශ කර තිබුනා. කොහොම වුණත් අන්තිමේදී Alex ව පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අවුරුදු තුනක පරිවාස කාලයකට යටත් කරන්නත් විනිසුරුවරයා තීරණය කලා. අවසානයේදී 2004 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී Half Life 02 ගේම් එක Release වුනා. Steam 🔹මේ ගේම් එක ගැන කියන්න කලින් මේ ගේම් එක නිර්මාණය කරපු Valve ආයතනය ගැන පොඩි විශේෂ දෙයක් කියලා ඉන්නම්. ඇත්තටම අපි හැමෝම වගේ දන්න Steam එක හදපු Steam එකේ අයිතිකාරයෝ තමයි මේ Valve ආයතනය. Half Life 2 ගේම් එක සහ Valve ආයතනය විසින් නිර්මාණය කල අනෙකුත් වීඩියෝ ක්‍රීඩා අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සඳහා තමයි 2003 වර්ෂයේදී මේ Steam එක Valve ආයතනය විසින් නිර්මාණය කලේ. Story, Characters & Places ... 🔸Half Life 01 එකේ වගේම මේ ගේම් එකෙත් ප්‍රධාන චරිතය වුනේ Gordon Freeman. Combine නැමැති පිටසක්වල අධිරාජ්‍යවාදීන්ගෙන් පෘථිවිය නිදහස් කරගැනීම සඳහා Gordon විසින් සිදුකරන ක්‍රියාකාරකම් ඇසුරෙන් තමයි මේ ගේම් එකේ Story එක හදලා තිබුනේ. 🔹පෘථිවියේ තියෙන Black Mesa කියන පර්යේෂණාගාරය අල්ලාගැනීමේ අදහසින් තමයි මේ Combine ලා ඔවුන්ගේ පලමු ආක්‍රමණය දියත් කරන්නේ. ඒක අල්ලගත්‍තට පස්සේ ඔවුන් විසින් මුළු පෘථිවියේම බලය තමන් යටතට ගන්නවා. කොහොම වුණත් ඊට පස්සේ මේ Combine ලට විරුද්ධව සටන් කරන මිනිස් කණ්ඩායම් ලෝකයේ තැනින් තැන බිහිවෙනවා. මේ සිදුවීමෙන් අවුරුදු විස්සකට පසු පෘථිවිය තුල සිදුවන්නාවූ සිද්ධි දාමයක් පිලිබඳව තමයි මේ ගේම් එකේ තියෙන්නේ. ඒ වගේම නැඟෙනහිර යුරෝපියානු නගර ඇසුරින් තමයි මේ ගේම් එකේ නගර නිර්මාණය කරලා තිබුනේ. 🔸මේ Combine කියන පිටසක්වල ජීවීන්ගේ ප්‍රධාන පෘථිවි මූලස්ථානය පිහිටා තිබෙන City 17 කියන නගරයට Gordon Freeman පැමිණීමෙන් පසු Combine ලට විරුද්ධව සටන් කරන කණ්ඩායමක් රැඳී සිටින Balck Mesa East නැමැති කඳවුරට පැමිණීමට ඔහුට හැකියාව ලැබෙනවා. Alyx Vance සහ Barney Calhoun කියන දෙදෙනා තමයි මේ කඳවුරට පැමිණීම සඳහා Gordon ට උදව් කරන්නේ. නමුත් මේ කඳවුරටත් Combine ලා පහර දෙනවා. මේ කඳවුරේ සිටි Eli සහ Judith කියන දෙන්නව Combine ලා පැහැරගෙන යනවා. ඊට පස්සේ ඔවුන්ව බේරාගැනීම සඳහා Nova Prospekt නැමැති Combine සිර කඳවුර වෙත Gordon පැමිණෙනවා. නමුත් එහිදී Gordon දැනගන්නවා Judith කියන්නේ Combine ඔත්තුකාරියක් කියලා. ඊට පස්සේ Citadel නැමැති ප්‍රධාන Combine කඳවුර වෙත පැන ගිය Judith සොයා Citadel කඳවුර වෙත Gordon පැමිණෙනවා. මෙම සිද්ධි මාලාව අතරතුර Gordon විසින් සිදුකරන්නාවූ ක්‍රියාදාමයන් ඇසුරින් තමයි මේ ගේම් එකේ Gameplay එක හදලා තියෙන්නේ. Gameplay 🔹ඒ වගේම එකිනෙකාට වෙනස් වුනු විවිධාකාර හැකියාවන් තිබුනු ප්‍රතිවාදීන් සමඟ තමයි Gordon ට සටන් කිරීමට සිදුවුණේ. [ Strider, Gunship, Combine Soldier, Combine Elite, Antlion, Zombie, Head Crab, Barnacle, Manhack ] එම නිසා මෙම ප්‍රතිවාදීන් සමඟ සටන් කිරීමේදී ක්‍රීඩකයා විසින් විවිධ වූ සටන් ක්‍රම භාවිතා කල යුතුයි. ඇත්තටම මේ ගේම් එක Puzzle Based ගේම් එකක්. ක්‍රීඩකයා විසින් විසඳිය යුතු Puzzles හුඟක් මේ ගේම් එකේ තිබුනා. මේ Puzzles නිරාකරණය කරන්නේ නැතුව මේ ගේම් එකේ ඉස්සරහට යන්න බෑ. 🔸Alyx විසින් Robot Dog නැමැති සුරතල් රොබෝ කෙනෙක්ව Gordon හට ලබා දෙනවා. මේ ගේම් එකේ සමහර Missions වලදී සතුරන්ට පහර දීම සඳහා මේ රොබෝ යන්ත්‍රයේ උපකාරය Gordon ට ලැබෙනවා. ඒ වගේම භාණ්ඩ එහා මෙහා ගෙන යෑමේ හැකියාව මේ ගේම් එක මඟින් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. ඇත්තටම මේ ගේම් එකේ තිබුනු ආයුධ වලින් ක්‍රීඩකයන්ගේ ප්‍රියතම අවිය බවට පත් වුනේ Gravity Gun එක. මොකද කියනවනම් ඒ වෙනකොට Release වෙලා තිබුනු කිසිම ගේම් එකක මේ වගේ Gravity Gun එකක් තිබුනේ නෑ. ස්පර්ශයකින් තොරව භාණ්ඩ එහා මෙහා කරන්න වගේම විවිධ වූ ආකාරවලින් සතුරන්ට පහර දීම සඳහාත් මේ Gun එක ක්‍රීඩකයින්ට උපකාරී වුණා. විවිධාකාර වූ නවීන අවි ආයුධ භාවිතා කිරීමේ හැකියාවත් මේ ගේම් එක මඟින් ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. 🔸මේ ගේම් එක Open World හෝ Open Ended ගේම් එකක් නෙමෙයි. ඒ වුණත් Mission එක අතරතුරදී ගවේෂණය කල හැකි අමතර පෙදෙස් හෙවත් Optional Areas හුඟක් මේ ගේම් එකේ තිබුනා. ඒ වගේම මෝටර් රථ සහ මෝටර් බෝට්ටු පැදවීමේ අවස්තාව සමහරක් Missions හරහා ක්‍රීඩකයාට ලබා දීලා තිබුනා. Lone Wolf ආකෘතියට අනුව තමයි මේ ගේම් එකේ හුඟක් Missions හදලා තිබුනේ. නමුත් දසවෙනි සහ එකොළොස්වෙනි Missions හදලා තිබුනේ Squad Based ආකෘතියට අනුව යි. Special Facts 🔹සිය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමයි මේ ගේම් එක නිර්මාණය කලේ. Steam එක හදන්න මූලිකත්වය ගෙන කටයුතු කල Valve ආයතනයේ ප්‍රධානියා වුනු Gabe Newell විසින් මේ ගේම් එක හදලා අවසන් කල යුතු දිනයක් තම කණ්ඩායමට ලබා දුන්නේ නෑ. ඔහු තම කණ්ඩායමට කිව්වේ කොච්චර මුදල් වියදම් වුණත් කමක් නෑ, කොච්චර දවස් ගියත් කමක් නෑ, තමන්‍ට ඕන කරන්නේ මේ ලෝකේ හොඳම PC ගේම් එක කියලයි. 🔸 මුහුණේ සිදුවන චලනයන් නිවැරදිව ඇතුලත් කිරීම සඳහා චිත්තවේගයන්ට අනුව මුහුණේ පේශි ක්ෂණිකව වෙනස් වන ආකාරය පිලිබඳව මනෝ විද්‍යාඥ Paul Ekman විසින් සිදුකල වැඩසටහන් අධ්‍යයනය කරන්නත් මේ ගේම් එකේ Animations හදපු Team එකට සිද්ධ වුනා. 🔹 මේ ගේම් එකේ Physics Engine එක විදිහට Valve ආයතනය භාවිතා කරන්න බලාපොරොත්තු වුනේ Havok Physics Engine එක. ඒ නිසා ඒ Engine එක අත්හදා බැලීම සඳහා Zombie Basketball සහ Street War නැමැති ගේම්ස් දෙකක් Havok Engine එක යොදාගෙන නිර්මාණය කරලා බලන්නත් ඔවුන් කටයුතු කලා. කොහොම හරි ඔවුන් බලාපොරොත්තු වුනාටත් වඩා හොඳ ප්‍රතිඵල මේ Engine එකෙන් ලැබුණු නිසා Half Life 02 ගේම් එක නිර්මාණය කරන්නත් මේ Havok Physics Engine එක යොදා ගන්න අවසානයේදී ඔවුන් තීරණය කලා. Vivendi Vs Valve 🔹Vivendi Universal Games කියන ආයතනය තමයි මේ ගේම් එකේ Original DVD Copies බෙදා හැරීම සිදුකලේ. නමුත් වැඩි දවසක් යන්න කලින් මේ ගේම් එකේ බෙදාහැරීම සම්බන්ධව විශාල මත ගැටුමක් Valve ආයතනය සහ Vivendi ආයතනය අතර සිදුවුණා. අන්තර්ජාලය හරහා මේ ගේම් එක බෙදාහැරීමේ අයිතිය තියෙන්නේ කාටද කියන ගැටලුව මුල් කරගනිමින් තමයි මේ ගැටුම ඇතිවුනේ. ගිවිසුමට අනුව අන්තර්ජාලය හරහා මේ ගේම් එක බෙදාහැරීමේ අයිතිය තිබෙන්නේ තම ආයතනයට බවයි Vivendi ආයතනය ප්‍රකාශ කලේ. 🔸කොහොම හරි මේ ගැටලුවට සම්බන්ධ නඩුව 2004 වර්ෂයේ නොවැම්බර් මාසයේදී විභාගයට ගැනුනා. වොෂින්ටන් දිසා අධිකරණ විනිසුරු Thomas Zilly විසින් තමයි මෙම නඩුවට අදාල තීන්දුව ලබා දුන්නේ. Half Life 2 ගේම් එක අන්තර්ජාලය හරහා බෙදාහැරීමේ නීතිමය අවසරය ඇත්තේ Valve ආයතනයට බව මෙහිදී ඔහු විසින් තීන්දු කලා. 🔹මෙම සිදුවීමෙන් පසුවත් විවිධ මත ගැටුම් මෙම ආයතන දෙක අතර පැවතීම හේතුවෙන් 2005 අගෝස්තු 31 වෙනිදා සිට තම ආයතනය හරහා මේ ගේම් එකේ DVD Copies අලෙවි කිරීම Vivendi ආයතනය විසින් නවතා දැමුවා. මෙම සිදුවීමත් සමඟ ආයතන දෙක අතර තිබූ ගිවිසුම අහෝසි වුනු නිසා DVD Copies බෙදාහැරීමේ අයිතිය Electronic Arts ආයතනය වෙත පැවරීමටත් Valve ආයතනය කටයුතු කලා. ඒ වගේම XBOX Version එක බෙදාහැරීමේ අයිතියත් Electronic Arts ආයතනයට මේ හරහා හිමිවුණා. Other Facts 🔹2006 වර්ෂයේදී ජපානයේ Taito නැමැති ආයතනය සමඟ එකතු වෙලා ජපානය තුල මේ ගේම් එකම Half Life 02 : Survivor යන නමින් Arcade ගේම් එකක් විදිහට Release කරන්නත් Valve ආයතනය කටයුතු කලා. ඒ වගේම Half Life 02 ගේම් එකට සමගාමීව ඒ ඇසුරින් නිර්මාණය කරපු Half Life 02 : Death Match කියන Multiplayer ගේම් එක 2004 වර්ෂයේ නොවැම්බර් මාසයේදී Release වුණා. එසේම 2005 වර්ෂයේදී Lost Coast යන නමින් Extra Mission එකක් මේ ගේම් එක වෙනුවෙන් Release කරන්නත් Valve ආයතනය කටයුතු කලා. 🔸Valve ආයතනය විසින් 2007 වර්ෂයේදී Release කරපු Orange Box Game Compilation එකටත් මේ ගේම් එක ඇතුලත් වෙලා තිබුනා. ඒ වගේම මේ ගේම් එකේ Full VR Mod එකක් 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී Half Life 2 : VR Mod යන නමින් Release වෙලා තිබුනා. 🔹Mods යොදාගෙන Half Life 02 ගේම් එක ඇසුරෙන් නිර්මාණය කල වෙනත් ගේම්ස් [ Half Life 2 : Rock 24 ] [ Half Life 2 : Substance ] [ Half Life 2 : Super Mod ] [ Half Life 2 : Minerva ] Cost, Sales & Awards 🔸මේ ගේම් එක නිර්මාණය කරන්න ඔවුන්ට ඇමරිකානු ඩොලර් මිලියන 40 ක මුදලක් වැය වෙලා තිබුනා. ඒ කියන්නේ මසකට ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් මේ ගේම් එක නිර්මාණය කිරීම සඳහා ඔවුන්ට වැය වුණා. 🔸ඇත්තටම ඒ දවස්වල තිබුන ගේම්ස් අතරින් Advanced Graphics තිබුන ගේම් එකක් තමයි මේ Half Life 02 කියන්නේ. Console ගේම්ස් වලවත් තිබුනේ නැති Graphics Quality එකක් මේ ගේම් එකේ PC Version එකේ තිබුනා කියලා තමයි ඒ දවස්වල හුඟක් විශ්ලේෂකයෝ සඳහන් කරලා තිබුනේ. ඒ වගේම Half Life 2 PC Version එක තමයි මේ ගේම් එකේ හොඳම Version එක විදිහට අදටත් පිලිගැනෙන්නේ. මේ ගේම් එක Release වුනු දවස්වල හුගක් අය මේ ගේම් එක හැඳින්වූයේ "Gratest Game Ever Made" කියලයි. 🔹2006 වර්ෂය වෙද්දී ඇමරිකාවේ විතරක් මේ ගේම් එකේ Original Copies [ PC ] 680,000 ක් අලෙවි වෙලා තිබුනා. එම අලෙවියෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන තිස් හතරක ආදායමක් ලබන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඒ වගේම 2006 වර්ෂයේදී ඇමරිකාව තුල වැඩියෙන්ම අලෙවි වුනු වීඩියෝ ක්‍රීඩා 20 අතරට ඇතුලත් වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. එසේම 2011 වර්ෂය වන විට මේ ගේම් එකේ Original Copies මිලියන 12 ක් ලොව පුරා අලෙවි වෙලා තිබුනා. එක්සත් රාජධානියේ ELSPA සංවිධානය විසින් අලෙවිය වෙනුවෙන් පිරිනමන Platinum සම්මානයෙන් පිදුම් ලබන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. 🔸මේ ගේම් එක කොච්චර හොඳ ගේම් එකක්ද කියනවනම් විවිධ විශ්ලේෂන සමාගම් විසින් පිරිනැමූ Game Of The Year සම්මාන 39 ක් දිනා ගන්න මේ ගේම් එක සමත් වෙනවා. [ IGN ] [ IAA ] [ GDCA ] [ Edge ] ඒ වගේම Halo සහ Call Of Duty කියන ගේම්ස් එක්ක කරට කර සටනක් දුන්නු ගේම් එකක් තමයි මේ Half Life 2 ගේම් එක. 🔹එසේම E3 Game Of The Show සම්මානය දිනා ගන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. මීට අමතරව Best Shooter, PC Game Of The Year, Honor Of The Year, Singleplayer Shooter Of The Year, Best Innovation Game, Best Visual Design, Best Online Game, Best Multiplayer Game, Best Technology, Best Writing, Best Sound Effects, Best AI, Best Voice Acting, Game Of The Decade ඇතුළු අන්තර්ජාතික සම්මාන රාශියකින් පිදුම් ලබන්නත් මේ ගේම් එකට පුළුවන් වුණා. මෙවැනි සම්මාන රාශියකින් පිදුම් ලැබූ නිසාම 2005 වර්ෂයේදී Half Life 2 : Game Of The Year Edition යන නමින් Limited Edition එකක් Release කරන්නත් Electronic Arts ආයතනය කටයුතු කරලා තිබුනා. 🔸මේ ගේම් එක 2008 වර්ෂයේදී ගිනස් ලෝක වාර්තා පොතට පවා ඇතුලත් වෙලා තිබුනා. [ Highest Rated Shooter, First Game To Feature A Gravity Gun, First PC Game To Feature Developer Commentary ] 🔹මීට අමතරව 2009 වර්ෂයේදී Game Informer නැමැති වීඩියෝ ක්‍රීඩා සඟරාව විසින් නිකුත් කල Top Five Games Of All Time ලේඛනයට වගේම 2021 වර්ෂයේදී IGN ආයතනය විසින් නිකුත් කල Top 10 Games Of All Time ලේඛනයට ඇතුලත් වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා. ඒ වගේම Gratest Games Of All Time ලේඛනයට වගේම Highest Rated Video Games Of All Time ලේඛනයට ඇතුලත් වෙන්නත් මේ ගේම් එකට හැකියාව ලැබුනා.